ඔස්ට්‍රියාවේ හිම කඳු කඩා වැටීමෙන් 5ක් මරුට
February 21, 2026 04:53 pm
ඔස්ට්‍රියාවේ ඇල්ප්ස් කඳුකර ප්‍රදේශය ආශ්‍රිතව හිම කඳු කඩා වැටීම හේතුවෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයින් 5 දෙනෙකු මියගොස් තිබේ.
ප්‍රදේශයේ සංචාරකයින් අතර ප්‍රචලිත නිවාඩු නිකේතනයක් අසල සිදු වූ හිම කඳු කඩාවැටීමෙන්, හිම ක්‍රීඩාවේ නිරතව සිටි තිදෙනෙකු මියගොස් ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ඒ ආසන්න තවත් ප්‍රදේශයක සිදු වූ හිම කඳු කඩාවැටීමකින් ජර්මානු ජාතික පිය පුතු දෙපළක් ද මියගොස් ඇති බව සඳහන්.
මෙවර ශීත ඍතුවේදී ඔස්ට්‍රියාවේ හිම කඳු කඩා වැටීම හේතුවෙන් මරණ 21ක් සිදුව ඇති අතර, ඉන් වැඩිම ප්‍රමාණයක් ඇල්ප්ස් කඳු ආශ්‍රිතව සිදුවැති බව වාර්තා වේ.
