පාකිස්තානයට ස්තූති කරමින් විජිත හේරත්ගෙන්  X සටහනක්

පාකිස්තානයට ස්තූති කරමින් විජිත හේරත්ගෙන් X සටහනක්

February 10, 2026   09:53 am

ශ්‍රී ලංකාවේ ඉල්ලීම ධනාත්මකව සලකා බැලීම සම්බන්ධයෙන් පාකිස්තාන අග්‍රාමාත්‍ය ශෙබාස් ෂරීෆ් මහතාට, විදේශ අමාත්‍යාංශය ඇතුළු පාකිස්තාන රජයට මෙන්ම පකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයට ස්තූතිවන්ත වෙන බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

මෙවර ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය යටතේ ඉන්දියාව සමග පැවැත්වෙන තරගයට සහභාගී වීමට පාකිස්තාන කණ්ඩායම තීරණය කිරීම සම්බන්ධයෙන් සිය නිල x ගිණුමේ සටහනක් තබමින් විජිත හේරත් මහතා මේ බව සඳහන් කරයි.

එහි වැඩිදුරටත් දැක්වෙන්නේ ක්‍රීඩාශීලීත්වය, මිත්‍රත්වය සහ සිය ද්විපාර්ශ්වික සබඳතාවල ශක්තිය ඒ තුළින් පිළිබිඹු කරන බවය.