සාර්ක් මාධ්‍ය සංසදයේ ඉන්දියානු සංචාරය 

සාර්ක් මාධ්‍ය සංසදයේ ඉන්දියානු සංචාරය 

February 8, 2026   03:34 pm

සාර්ක් රටවල මාධ්‍යවේදීන් සහභාගීවූ සමුළුවක් අද (08) පෙරවරුවේදී ඉන්දියාවේ නව දිල්ලි නුවර භාරතී විද්‍යාපති විද්‍යාපීඨ පරිශ්‍රයේදී පැවැත්විණි. 

ඉන්දියාව, ශ්‍රී ලංකාව, බංගලාදේශය, නේපාලය ඇතුලු සාර්ක් රටවල මාධ්‍යවේදීන් විශ්වවිද්‍යාල මහාචාර්යවරු,  දිල්ලි විශ්ව විද්‍යාලයේ මාධ්‍ය අංශයේ සිසුන් ඇතුළු විශ්වවිද්‍යාල කිහිපයක් සිසුන් ඊට සහභාගී විය.

මෙහිදී පනඩිත් යුගර් ක්‍රීශෝර් ජාත්‍යන්තර සම්මානය පිරිනැමුනේ සාර්ක් ජනමාධ්‍ය සංසදයේ සාමාජික ප්‍රගීත ජනක වෙතය‍.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සාර්ක් මාධ්‍ය සංසදයේ ශ්‍රී ලංකා සභාපති රාහුල් සමන්ත, මාධ්‍යවේදී යු.එස්.පී බණඩාර සහභාගී විය.

දකුණු ආසියානු ජනමාධ්‍යවේදීන්ගේ සාමය ගොඩනැගීම හා සහයෝගීතාව වෙනුවෙන් මාධ්‍යවේදීන්ගේ කාර්යභාරය යන ⁣මැයෙන් මෙම සමුළුව පැවැත්විණ.