ඊශ්රායල් රැකියා අපේක්ෂකයින්ට සුබ පණිවුඩයක්
February 5, 2026 06:16 pm
ඊශ්රායල් රැකියා සඳහා අයදුම් කිරීමට බලාපොරොත්තු වන රැකියා අපේක්ෂකයින්ට ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් සුබ පණිවුඩයත් නිකුත් කර තිබේ.
ඒ අනුව, ඊශ්රායල් සියලු රැකියා අපේක්ෂකයන්ට රැකියා සඳහා අයදුම් කිරීමට මෙතෙක් ලබාදී තිබූ උපරිම අවස්ථා 2 වෙනුවට එය අවස්ථා 3ක් දක්වා දීර්ඝ කර ඇති බව ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.
මීට පෙර ඊශ්රායල් රැකියා අවස්ථා සඳහා එක් අපේක්ෂකයෙකුට අයදුම් කළ හැකි අවස්ථා ප්රමාණය 2කට පමණක් සීමාකර තිබුණි.
රැකියා අපේක්ෂකයින්ගෙන් ලද ඉල්ලීම් සලකා බැලීමෙන් අනතුරුව මෙම පියවර ගත් බව කාර්යාංශය සඳහන් කරයි.
මේ අතර, හෙට (06) දින ඊශ්රායලයේ තවත් රැකියා අවස්ථා කිහිපයක් සඳහා මාර්ගගතව අයදුම්කිරීමට හැකි වන අතර, කාර්යාංශයේ නිල වෙබ් අඩවිය වන www.slbfe.lk ඔස්සේ ඊට අයදුම් කළ හැකිය.
ඒ අනුව, ඉදිකිරිම් ක්ෂේත්රෙය් කම්බි නැමීම, කපරාරු, ෂටරින් වඩු කාර්මික, සෙරමික් ටයිල් වැඩ මෙන්ම, ප්රතිසංස්කරණ ක්ෂේත්රයේ පොදු වැඩ සඳහා අයදුම් කිරිමට වෙබ් අඩවිය විවෘත වන බව නිවේදනයේ වැඩිදුර සඳහන් වෙයි.
