චීන තාක්ෂණය යළි යළිත් ලොවට කියා පෑ ලොව ප්‍රථම මිනිසුන් රහිත ගුවන් යානය
February 3, 2026 10:55 am
චීන අභ්‍යවකාශ තාක්ෂණයෙන් නිපදවූ ගුවන් නියමුවෙකු හො කිසිදු නිලධාරියෙකු නොමැතිව විශාල භාණ්ඩ ප්‍රවාහනය කළ හැකි ඩ්‍රෝන වර්ගයට අයත් ලොව ප්‍රථම මිනිසුන් රහිත Cai Hong YH-1000S නම් දෙමුහුන් ගුවන් යානය චීනයේ Chongqing නගරයේදී සිය ප්‍රථම ගුවන් ගමන සාර්ථකව නිමකර තිබේ.
Cai Hong YH-1000S යානය, චීන අභ්‍යවකාශ තාක්ෂණයෙන් ගුවන් ගමන් සඳහා වන සුදුසුකම් සහ ප්‍රමිතීන්ට අනුව නිෂ්පාදය කරන ලද විශාල ප්‍රමාණයේ මිනිසුන් රහිත ප්‍රවාහන ගුවන් යානයකි.
මෙම යානා මගින් ජාත්‍යන්තර භාණ්ඩ ප්‍රවාහනය, හදිසි අවස්ථා සඳහා ක්ෂණික ප්‍රතිචාර දක්වමින් ව්‍යසනකාරී අවස්ථා පාලනයට සහාය වීම, සාගර නිරීක්ෂණය යන ක්ෂේත්‍රයන්හි සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළ හැකි බව සඳහන්වේ.
