ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධියේ පෙත්සම් ප්‍රතික්ෂේප කෙරේ
February 3, 2026 10:34 am
ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් පූජ්‍ය බලන්ගොඩ කස්සප හිමියන් සහ ත්‍රිකුණාමලයේ කල්‍යාණවංශ තිස්ස හිමියන් රිමාන්ඩ් භාරයට පත් කරමින් ත්‍රිකුණාමලය මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කළ නියෝගය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකෙරුණු පෙත්සම් නිෂ්ප්රභා කිරීමට අභියාචනාධිකරණය නියම කර තිබේ.
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කළහ.
වෙරළ සංරක්ෂණ පනතේ විධිවිධාන උල්ලංඝනය කළ බවට චෝදනා කරමින් ත්‍රිකුණාමලය මහෙස්ත්‍රාත් අධිකරණය විසින් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය බලන්ගොඩ කස්සප හිමියන් සහ ත්‍රිකුණාමලයේ කල්‍යාණවංශ තිස්ස හිමියන් විසින් මෙම රිට් පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.
පෙත්සම්කාර හිමිවරු කියාසිටියේ, වෙරළ සංරක්ෂණ පනත යටතේ තමන්ව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ප්‍රමාණවත් සාක්ෂි අධිකරණය හමුවේ නොමැති බවය.
එසේ තිබියදී තමන්ව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ත්‍රිකුණාමලය මහෙස්ත්‍රාත් අධිකරණය දුන් තීරණය නීතියට පටහැනි බවත් ඒ අනුව එම තීරණය බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් එම පෙත්සම්වලින් ඉල්ලා තිබුණි.
