ලක්මාල් හා ප්රවීණා මෝන්සූන් ගොල්ෆ් තරගාවලියේ ශූරතා දිනති
January 12, 2026 09:36 am
ශ්රී ලංකා ගුවන් හමුදා ඊගල්ස් ගෝල්ෆ් ලින්ක් විසින් 4වන වරටත් සංවිධානය කළ 'මෝන්සූන් කුසලාන - 2025' ගොල්ෆ් තරගාවලිය චීනවරාය ගුවන් හමුදා ඊගල්ස් ගෝල්ෆ් ලින්ක් හිදී ඊයේ (11) අවසන් විය.
තරගාවලියේ පිරිමි ශුරතාවය විංග් කමාන්ඩර් (විශ්රාමික) ලක්මාල් ගුණවර්ධන විසින් හිමිකරගත් අතර කාන්තා ශුරතාවය ප්රවීණා දුණුවිල විසින් හිමිකර ගන්නා ලදී.
එමෙන්ම පිරිමි අනුශූරතාවය විංග් කමාන්ඩර් (විශ්රාමික) නලීන් බෙන්තරආරච්චි විසින් දිනා ගත් අතර කාන්තා අංශයේ අනු ශූරතාවය නිලූ ජයතිලක විසින් හිමිකරගන්නා ලදි.
මෙම තරගාවලියට සමගාමීව පැවති ඊගල්ස් මෝන්සූන් ආරක්ෂක අභියෝගතා කුසලානය ශ්රී ලංකා ගුවන් හමුදාවේ විංග් කමාන්ඩර් අසන්ත ගුණරත්න විසින් දිනාගන්නා ලද අතර එහි අනුශූරතාවය ශ්රී ලංකා නාවික හමුදාවේ ලෙෆ්ටිනන්ට් කමාන්ඩර් මෙවන් පෙරේරා විසින් දිනා ගන්නා ලදි.
තරගාවලියේ ජයග්රාහක ජයග්රාහිකාවන් සඳහා කුසලාන ප්රධානෝත්සවය අධ්යක්ෂක ජනරාල් ගුවන් මෙහෙයුම් එයාර් වයිස් මාර්ෂල් දම්මික ඩයස් මහතාගේ ප්රධානත්වයෙන් සිදුවිය.
