අධ්‍යාපන ඇමතිවරියට එරෙහි විශ්වාසභංගයට මහජන අත්සන් ගැනීම අද සිට - සජබ මහලේකම්
January 10, 2026 07:41 am
අධ්‍යාපන අමාත්‍යවරියට එරෙහිව විපක්ෂය විසින් ගෙනඑනු ලබන විශ්වාසභංග යෝජනාවට මහජන අත්සන් ලබාගැනීම අද (10) දිනයේදී ආරම්භ කරන බව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසයි.
ඔහු පවසන්නේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ජනතා විරෝධය පෙන්නුම් කිරීමට මෙමගින් කටයුතු කරන බවය.
