ශ්‍රී ලංකා පොලීසියේ නිලධාරීන්ගේ දිනක වැටුප Rebuilding Sri Lanka අරමුදලට

ශ්‍රී ලංකා පොලීසියේ නිලධාරීන්ගේ දිනක වැටුප Rebuilding Sri Lanka අරමුදලට

January 7, 2026   03:12 pm

ශ්‍රී ලංකා පොලීසියේ නිලධාරීන් තම දිනක වැටුප වශයෙන් රුපියල් මිලියන 50ක මුදලක් දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය සහ ආපදාවට ලක් වූ රට යළි ගොඩනැඟීම  සඳහා අරඹන ලද  ‘Rebuilding Sri Lanka’ අරමුදලට පරිත්‍යාග කර තිබේ. 

ඊට අදාළ චෙක්පත පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත ජනාධිපති කාර්යාලයේදී ඊයේ (06) පස්වරුවේ පිළිගන්වා ඇත.