දිට්වා නිසා පීඩාවට පත් පවුල් සඳහා කොරියානු රජයෙන් ඇ.ඩො. 500,000ක ආධාරයක්
January 7, 2026 02:43 pm
ශ්‍රී ලංකාවේ දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් පවුල් සඳහා සහාය දක්වන ලෝක ආහාර වැඩපිළිවෙලහි හදිසි ප‍්‍රතිචාර වැඩසටහන ඉහළ නැංවීමට කොරියානු ජනරජයේ සහාය ලබා දී තිබේ.
මෙරට මෑතකදී ඇති වූ දිට්වා සුළි කුණාටුවෙන් දැඩි ලෙස පීඩාවට පත් වූ ප‍්‍රජාවන්ට හදිසි ජීවිතාරක්ෂක මුදල් ආධාර ලබා දීම සඳහා කොරියානු ජනරජය ඇමරිකානු ඩොලර් 500,000ක දායකත්වයක් එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩපිළිවෙලට ලබා දී තිබේ.
මෙම සහයෝගය මගින් ශ‍්‍රී ලංකා රජයේ අඛණ්ඩ ප‍්‍රතිචාරය ශක්තිමත් කරන අතර ජීවනෝපායන්, ආදායම් සහ වෙළඳපොළට ප‍්‍රවේශය දැඩි ලෙස අඩපණ වී ඇති 32,000කට ආසන්න පිරිසකට සහාය වීමට හැකි බව ලෝක ආහාර වැඩපිළිවෙල සංවිධානය පවසයි.
මෙලෙස හදිසි මුදල් දීමනා හරහා, බලපෑමට ලක් වූ පවුල්වලට දේශීයව ආහාර සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීමට හැකි වේ.
මෙම වැඩසටහන යටතේ, ජාතික මිණුම් සලකුණු සමඟ සමපාත වන ආකාරයට මූලික ආහාර වේලක පිරිවැය සඳහා ලෝක ආහාර වැඩපිළිවෙල සහාය ලබාදේ.
