අපරාධවලට සම්බන්ධ තවත් පුද්ගලයින් 27ක් හඳුනාගනී

අපරාධවලට සම්බන්ධ තවත් පුද්ගලයින් 27ක් හඳුනාගනී

January 6, 2026   11:08 am

දිවයින පුරා සිදුකරන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ විශේෂ මෙහෙයුම යටතේ විවිධ අපරාධ වලට සෘජුවම සම්බන්ධ වූ තවත් පුද්ගලයින් 27 දෙනෙකු හඳුනාගත් බව පොලීසිය පවසයි.

මෙම අත්අඩංගුවට ගැනීම් ඊයේ (05) දිනයේ දී සිදුකර ඇති අතර එහිදී පුද්ගලයින් 28,636දෙනෙකු පරීක්ෂාවට ලක්කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේය.

විවිධ සිද්ධීන්වලට සැකපිට පුද්ගලයින් 548 දෙනෙකු සහ වරෙන්තුකරුවන් 142දෙනෙකු එහිදී අත්අඩංගුවට ගෙන ඇත.

ඊට අමතරව බීමත්ව රිය ධාවනය සම්බන්ධයෙන් පුද්ගලයින් 421දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පැවසීය.

එමෙන්ම අපරික්ෂාකාරි රිය පැදවීම් වලට අත්අඩංගුවට ගැනීම් 41ක් සිදු කර ඇති අතර රථවාහන වෙනත් වැරදී 4585ක් වාර්තා වී ඇති බව පොලීසිය පවසයි.