2024 ට සාපේක්ෂව 2025 දී ගුවන්සේවා ක්ෂේත්‍රයේ වර්ධනයක්

2024 ට සාපේක්ෂව 2025 දී ගුවන්සේවා ක්ෂේත්‍රයේ වර්ධනයක්

December 31, 2025   06:04 pm

2024 ජනවාරි - නොවැම්බර් කාලයට සාපේක්ෂව 2025 ජනවාරි - නොවැම්බර් කාලය තුල ගුවන්සේවා ක්ෂේත්‍රය තුල පිබිදීමක් පෙන්නුම් කරන බව වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය පවසයි.

2025 ජනවාරි - නොවැම්බර් කාලය තුල ජාත්‍යන්තර ගුවන් මගී හැසිරවීම් ( International passenger movement) මිලියන 9.23 ක් සිදු කර ඇති අතර එය 2024 වසරේ එම කාලයට සාපේක්ෂව 15.20% ක වැඩි වීමක් බව සඳහන් වේ.

2025 ජනවාරි - නොවැම්බර් කාලය තුල ජාත්‍යන්තර ගුවන් යානා හැසිරවීම් 58 454 ක් සිදු කර ඇති අතර එය 2024 වසරේ එම කාලයට සාපේක්ෂව 14.64% ක වර්ධනයක් බව පවසයි.

2025 ජනවාරි - නොවැම්බර් කාලය තුල ගුවනින් සංචාරකයින් මිලියන 2.1 ක් පමණ පැමිණ ඇති අතර එය 2024 වසරේ එම කාලයට සාපේක්ෂව 16.73% ක වර්ධනයකි.

නව රජය පත්වීමත් සමඟ ගුවන්සේවා ක්ෂේත්‍රය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කෙරුණු අතර අමාත්‍යවරුන්ගේ මඟ පෙන්වීම යටතේ කළමණාකාරීත්වයේ සහ සේවක මහතුන්ගේ කැපවීම මත මෙම කඩයිම් පසු කිරීමට හැකි වීම ශ්‍රී ලංකීය ගුවන්සේවා ක්ෂේත්‍රයේ පුනරුදයක පෙර මඟ ලකුණු පෙන්නුම් කරනු ලබන බව වැඩිදුරටත් දැනුම් දී ඇත.