වසර 116ක් පැරණි 'අළු බඳුන' වාර්තාවක් අලුත් වෙයි
December 26, 2025 03:15 pm
'අළු බඳුන' ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ අද (26) ආරම්භ වූ සිව්වන තරගයේ දී කණ්ඩායම් දෙකෙහිම පිතිකරුවන් පළමු ඉනිමේදී දැවීගිය අතර, ඒ අනුව පළමු දිනයේ දී පමණක් කඩුලු 20ක් බිඳවැටුණි.
මෙලෙස 'අළු බඳුන' තරග ඉතිහාසයේ පළමු දිනයේදී කඩුලු 20ම බිඳවැටී ඇත්තේ වසර 116කට පසුව වේ.
අවසන්වරට මෙවන්නක් සිදුව ඇත්තේ 1909 වසරේ ඔස්ට්‍රේලියාවේ පර්ත්හිදී පැවති තරගයකදී බව ක්‍රිකට් වාර්තා සඳහන් කරයි.
අද ආරම්භ වූ මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව ලකුණු 152/10කට දැවීගිය අතර, ඊට පිළිතුරු ලෙස එංගලන්තයට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 110/10ක් පමණි.
දිනය නිමාවන විට කිසිවෙකු නොදැවී ලකුණු 4ක් රැස්කරගෙන සිටි ඔස්ට්‍රේලියාව ලකුණු 46ක් ඉදිරියෙන් සිටියේය.
