ඉදිරි පැය 24 ගැන අලුත්ම කාලගුණ අනාවැකිය

ඉදිරි පැය 24 ගැන අලුත්ම කාලගුණ අනාවැකිය

December 22, 2025   02:21 pm

ඌව සහ නැගෙනහිර පළාත්වලත් මාතලේ, නුවරඑළිය, පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකිය.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

සබරගමුව සහ මධ්‍යම පළාත්වල සහ කොළඹ, කළුතර, බදුල්ල, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය.