ඖෂධ ඇතුළු ආධාර රැගත් තවත් ඉන්දීය ගුවන්යානයක් දිවයිනට
December 9, 2025 03:44 pm
ඉන්දියාව විසින් මෙරටට ලබාදෙන ආපදා ආධාර තොගයක් රැගත් තවත් ගුවන් යානයක් අද (09) පස්වරුවේ කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබේ.
මෙම ගුවන්යානය ඉන්දීය ගුවන් හමුදාව සතු C- 17 වර්ගයේ විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් වන අතර එය ඉන්දියාවේ බටන්ගූර් නුවර සිට පැමිණ ඇත.
මෙම ගුවන්යානය තුළින් මෙට්‍රික්ටොන් 61ක් බරැති අඩි 110ක් දිග බේලි යකඩ පාලමක්, කිලෝග්‍රෑම් 600ක් බරැති ඖෂධ තොගයක් රැගෙනවිත් තිබේ.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් පිරිසක්, ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශයේ සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් පිරිසක් එක්විය.
