header logo
SLIC
උණුසුම් පුවත්
එළැඹෙන සතිය වන විට ආපදාවෙන් හානි වූ මාර්ග රථ වාහන ධාවනයට විවෘත කිරීමට අවධානය
Dec 06, 202506:16 PM
එළැඹෙන සතිය වන විට ආපදාවෙන් හානි වූ මාර්ග රථ වාහන ධාවනයට විවෘත කිරීමට අවධානය

පැවති ආපදා තත්ත්වය හේතුවෙන් ගමනාගමනයට බාධා වූ මාර්ග 256 අතුරින් මේ වන විට මාර්ග 192කට වැඩි ප්‍රමාණයක් රථ වාහන ගමනාගමනය සඳහා යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගෙන ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් විමල් කණ්ඩම්බි මහතා පවසයි.

අද (06) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ මෙම මාර්ග 192 අතුරින් ඇතැම් මාර්ගවල රථවාහන ධාවනය සඳහා විවෘත කර ඇත්තේ තාවකාලික ක්‍රම උපයෝගී කරගෙන බවය.

එමෙන්ම එළැඹෙන සතිය වන විට ආපදාවෙන් හානි සිදුවූ සියලුම මාර්ග රථ වාහන ධාවනය සඳහා විවෘත කිරීමට බලාපොරොත්තු වන බවත් ඒ මහතා මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේය.

මෙම මාර්ග අතුරින් මධ්‍යම පළාතේ මාර්ග අභියෝගයක් බවට පත්ව ඇතැයිද සඳහන් කළ ඒ මහතා පැවසුවේ අනෙකුත් පළාත්වල මාර්ග 95%කට වඩා වැඩි ප්‍රමාණයක් මේ වන විටත් රථවාහන ධාවනය සඳහා විවෘත කර ඇති බවය.

මධ්‍යම පළාත තුළ ඇතැම් මාර්ග මහජනතාව සඳහා විවෘත කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ උපදෙස් අවශ්‍ය බවත් ඒ සඳහා මේ වන විට සාකච්ඡා කර එළැඹෙන සතිය වන විට විවෘත කිරීමට නියමිත මාර්ග අධීක්ෂණය කර විවෘත කිරීමට බලාපොරොත්තු වන බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.

මෙම මාර්ග විවෘත කිරීම හරහා සියලුම මාර්ග රථවාහන ධාවනය සඳහා විවෘත වන බවත් මේ වන විට සෑම නගරයකටම යා හැකි පරිදි එක් මාර්ගයක් හෝ විවෘත කිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය පියවර ගෙන ඇති බවත් ඒ මහතා පැවසීය.

එමෙන්ම කොළඹ - නුවර ඉදිරි දින කිහිපය තුළ පැය 24 පුරාම රථ වාහන ධාවනය සඳහා විවෘත කිරීමට සූදානම් වන බවත් පැවසූ ඒ මහතා පැවසුවේ මේ වන විට උදෑසන 6 සිට සවස 6 දක්වා රථ වාහන ධාවනය සඳහා එම මාර්ගය විවෘත කිරීමට පියවර ගෙන ඇති බවය.

සවස 6 සිට රාත්‍රි කාලයේදී එම මාර්ගයේ නායයෑමට ලක්වූ කොටස් ඉවත් කිරීම සහ මේ වන විට මාර්ගය වෙත වැටී ඇති ගල් පුපුරවා හැරීම සිදුකරනු ලබන බවත් මේ සඳහා තවත් දවස් කිහිපයක් අවශ්‍ය වනු ඇති බවත් ඒ අනුව සියලු බාධක ඉවත් කළ පසු එම මාර්ගයද සියලු රථ වාහන සඳහා විවෘත කිරීමට හැකි බවත් මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 එල් නිනෝ නිසා විනාශ වුණු වගාවන්ට වන්දි ලැබෙන විදිය..

එල් නිනෝ නිසා විනාශ වුණු වගාවන්ට වන්දි ලැබෙන විදිය..

ඩුබායි රටෙන් කුදලන් ආ බස් ලලිත් CCIBයට රැගෙන ආ හැටි

ඩුබායි රටෙන් කුදලන් ආ බස් ලලිත් CCIBයට රැගෙන ආ හැටි

මහනුවර දෙවැනි රන්දෝලිය හැඩ කරමින් ගාම්භීරව සඳගලින් බැස ගිය සිංහරාජා... | Ada Derana

මහනුවර දෙවැනි රන්දෝලිය හැඩ කරමින් ගාම්භීරව සඳගලින් බැස ගිය සිංහරාජා... | Ada Derana

''ජරාම ජරා කෑම එන්නේ...බඩු ඔක්කොම නරක් වෙච්ච ඒවා'' - නිලධාරීන් සෝදිසි කළාට එයාලට යටින් ගාණ එනවා''

''ජරාම ජරා කෑම එන්නේ...බඩු ඔක්කොම නරක් වෙච්ච ඒවා'' - නිලධාරීන් සෝදිසි කළාට එයාලට යටින් ගාණ එනවා''

කාලගුණයෙන් විශේෂ අනාවරණයක් - ඉදිරි මාස 8 ලංකාවට තීරණාත්මකයි | Ada Derana

කාලගුණයෙන් විශේෂ අනාවරණයක් - ඉදිරි මාස 8 ලංකාවට තීරණාත්මකයි | Ada Derana

අල්ලස් කොමිසමට ආ ශ්‍රීලන්කන් හිටපු ලොක්කා | Ada Derana

අල්ලස් කොමිසමට ආ ශ්‍රීලන්කන් හිටපු ලොක්කා | Ada Derana

මාලිමාවට බලය හිමි තලාව ප්‍රාදේශීය සභාවට ගම්මුන්ගෙන් ආ විරෝධය | Ada Derana

මාලිමාවට බලය හිමි තලාව ප්‍රාදේශීය සභාවට ගම්මුන්ගෙන් ආ විරෝධය | Ada Derana

වැරදීමකින් වැටුණු මාංචු | Ada Deranav

වැරදීමකින් වැටුණු මාංචු | Ada Deranav

කොළඹට ජලය ලබාදීම ගැනත් දැනුම්දීමක්...

කොළඹට ජලය ලබාදීම ගැනත් දැනුම්දීමක්...

එල්නිනෝ බලපෑම ගැන අලුත්ම නිවේදනය

එල්නිනෝ බලපෑම ගැන අලුත්ම නිවේදනය

සදා මතකයෙන් නොමැකෙන සිද්ධාර්ථ නාමය...

සදා මතකයෙන් නොමැකෙන සිද්ධාර්ථ නාමය...

සිනහව කඳුලක් කරමින් 5කට මරු කැඳවූ මොනරාගල අනතුරට මොහොතකට පෙර...

සිනහව කඳුලක් කරමින් 5කට මරු කැඳවූ මොනරාගල අනතුරට මොහොතකට පෙර...

පොලීසියෙන් බේරෙන්න හොරණ ඉඳන් පැල්මඩුල්ලට පයින් ගිය ඝාතකයා - අද දෙරණට ලැබුණ සුවිශේෂ වීඩියෝවක්

පොලීසියෙන් බේරෙන්න හොරණ ඉඳන් පැල්මඩුල්ලට පයින් ගිය ඝාතකයා - අද දෙරණට ලැබුණ සුවිශේෂ වීඩියෝවක්

පළමු රන්දෝලියේ වීථි සංචාරය අද - අවසන් කුඹල් පෙරහැර හැඩ කළ සිංහරාජා | Ada Derana

පළමු රන්දෝලියේ වීථි සංචාරය අද - අවසන් කුඹල් පෙරහැර හැඩ කළ සිංහරාජා | Ada Derana

අමෙරිකාවට සහාය දක්වන රටවලට ඉරානයෙන් තර්ජන | Ada Derana

අමෙරිකාවට සහාය දක්වන රටවලට ඉරානයෙන් තර්ජන | Ada Derana

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 සීගිරියේ ගල් පඩි 547ක් ගෙවීයෑමේ අවදානමක්

සීගිරියේ ගල් පඩි 547ක් ගෙවීයෑමේ අවදානමක්

දළදා පෙරහැරේ ආසනයක මිල 50,000කට නැගලා - දෙස් විදෙස් ජනතාවගෙන් චෝදනා

දළදා පෙරහැරේ ආසනයක මිල 50,000කට නැගලා - දෙස් විදෙස් ජනතාවගෙන් චෝදනා

මාස 8ට සංචාරකයෝ ලක්ෂ 14.5ක් ඇවිත්

මාස 8ට සංචාරකයෝ ලක්ෂ 14.5ක් ඇවිත්

අපේ පාස්පෝට් එක ලෝකයේ 168 වැනි තැනට

අපේ පාස්පෝට් එක ලෝකයේ 168 වැනි තැනට

අතුරුදන්ව සිටි බදුල්ල රෝහලේ විශේෂඥ වෛද්‍යවරයාගේ මරණය අබිරහසක්

අතුරුදන්ව සිටි බදුල්ල රෝහලේ විශේෂඥ වෛද්‍යවරයාගේ මරණය අබිරහසක්

 පිටකොටුවේ බස් පොළේ බුලත් කෙළ ගසා මුත්‍රා කළ 1,029ක් ප්‍රජා සේවයේ

පිටකොටුවේ බස් පොළේ බුලත් කෙළ ගසා මුත්‍රා කළ 1,029ක් ප්‍රජා සේවයේ

 පාස්කු මහ නඩුවේ තීන්දුව සැප්. 22දා

පාස්කු මහ නඩුවේ තීන්දුව සැප්. 22දා

El Nino - La Nina සරසවි විෂයක් වෙයි

El Nino - La Nina සරසවි විෂයක් වෙයි

ආර්ථිකය ශක්තිමත්... රට වැටෙන්නේ නෑ

ආර්ථිකය ශක්තිමත්... රට වැටෙන්නේ නෑ

 ජාතික පාසල්වල වසර 8ක් සිටි ගුරුවරුන්ට මාරුවීම්

ජාතික පාසල්වල වසර 8ක් සිටි ගුරුවරුන්ට මාරුවීම්

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

මනුසත් දෙරණ 88 වන වෛද්‍ය සායනය..වව්නියාව බෝගස්වැව ශ්‍රී සාල වනෝද්‍යාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී

මනුසත් දෙරණ 88 වන වෛද්‍ය සායනය..වව්නියාව බෝගස්වැව ශ්‍රී සාල වනෝද්‍යාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී

එල් නිනෝ වසර අග සැඩවෙන හැඩ

එල් නිනෝ වසර අග සැඩවෙන හැඩ

කෝවිලේ උත්සවයේදී ඇස්වලට හානිවූ 160ක් රෝහලේ...

කෝවිලේ උත්සවයේදී ඇස්වලට හානිවූ 160ක් රෝහලේ...