විපතට පත් කොලොන්නාවේ දරුවන් වෙනුවෙන් රසවින්දන වැඩසටහන්
December 4, 2025 09:39 pm
කොලොන්නාව ප්‍රදේශයේ ගංවතුරෙන් විපතට පත් වූවන් වෙනුවෙන් මීතොටමුල්ල රජයේ වී අලෙවි මණ්ඩල ගබඩා සංකීරණයේ සහ කොලොන්නාව ටෙරන්ස් එන් ද සිල්වා මහා විද්‍යාල පරිශ්‍රයේ ස්ථාපිත සුරක්ෂා මධ්‍යස්ථානවල දරුවන්ගේ මානසික සෞඛ්‍ය සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාකාරකම් පාදක කෙටි වැඩසටහන් සහ රසවින්දන වැඩසටහන් එම පරිශ්‍රයේ ඊයේ (3) පැවැත්විණි.
මෙම සුරක්ෂිත මධ්‍යස්ථාන නිරීක්ෂණය කිරීමට පැමිණි අවස්ථාවේදී කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය විසින් කළ යොජනාවකට අනුව, මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයේ සම්පත් දායකත්වයෙන් මධ්‍යස්ථාන භාර නිලධාරීන් සහ ආරක්ෂක අංශ නිලධාරීන් විසින් මෙම වැඩසටහන සංවිධාන කර තිබුණි.
දිට්වා සුළි කුණාටුව මගින් ඇතිවූ ආපදා තත්ත්වය හේතුකොටගෙන තම හුරුපුරුදු ජීවන රටාව වෙනස් වීම, සමීපතමයන් අහිමි වීම, පාසල් සහ පෙර පාසල් අධ්‍යාපන කටයුතු අඩාල වීම නිසා ඔවුන් හුදෙකළා වීම, කාංසාවට පත්වීම, ක්‍රියාශීලී බව අඩුවීම වැළැක්වීම මෙම ක්‍රියාකාරකම් පැවැත්වීමේ අරමුණු අතර වේ.
