කොළඹ - නුවර ප්‍රධාන මාර්ගය කඩුගන්නාවෙන් යළි විවෘත කෙරේ
December 4, 2025 08:31 am
Update
December 4, 2025 09:40 am
කොළඹ - නුවර ප්‍රධාන මාර්ගය කඩුගන්නාවෙන් රථ වාහන ගමනාගමනය සඳහා මේ වනවිට යළි විවෘත කිරීමට පියවර ගෙන තිබේ.
මාවනැල්ල පොලීසිය මේ බව සඳහන් කළේය.
---------------------------------
කොළඹ - නුවර ප්‍රධාන මාර්ගය කඩුගන්නාවෙන් යළි වැසේ
December 4, 2025 08:31 am
විවෘත කර තිබූ කොළඹ - නුවර ප්‍රධාන මාර්ගය කඩුගන්නාවෙන් රථ වාහන ගමනාගමනය සඳහා අද (04) උදෑසන යළි සීමා කිරීමට පියවර ගෙන තිබේ.
පසුගියදා වෙළෙඳසැලක් හා නිවසක් මතට පස් කන්දක් හා ගල් පෙරළීමක් සිදුවූ පහළ කඩුගන්නාව ගනේතැන්න ප්‍රදේශයෙන් මෙලෙස ගමනාගමනය යළි සීමා කර ඇති බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.
කෙසේවෙතත් මාර්ග සංවර්ධන අධිකාරිය විසින් එම ස්ථානයේ පරීක්ෂා කිරීමක් සිදුකරන බවත් එබැවින් අත්‍යවශ්‍ය සේවා සහ ආපදා සහන ක්‍රියාන්විතයට අයත් රථ සඳහා පමණක් එම ස්ථානයෙන් ගමන් කිරීමට අවසර ලබාදී ඇති බවත් වාර්තා වෙයි.
එමෙන්ම කාඩුගන්නාව පොලීසියෙන් සිදුකළ විමසීමකදී ඔවුන් පැවසුවේ, කඩුගන්නාව නගරයෙන් මාර්ග බාධකයක් සහ ගනේතැන්න නගරයෙන් මාර්ග බාධකයක් යොදා අදාළ මාර්ග කොටස වසා දමා ඇති බවය.
