කොළඹ - නුවර ප්රධාන මාර්ගය ගමනාගමනයට විවෘතයි
December 4, 2025 07:00 am
කොළඹ නුවර ප්රධාන මාර්ගය වාහන ගමනාගමනය සඳහා විවෘත කර තිබේ.
වසා දමා තිබු කඩුගන්නාව ප්රදේශයෙන් ඊයේ (03) පස්වරුවේ මාර්ගයේ එක් මංතීරුවක් විවෘත කළ බව මාර්ග සංවර්ධන අධිකාරීය සඳහන් කළේය.
ඒ අනුව උදෑසන 6ත් රාත්රී 9ත් අතර කාලය තුළ දී පමණක් මෙම මාර්ගයේ වාහන ගමනාගමනයට අවසර ලබා දී ඇත.
