බංග්ලාදේශයෙනුත් ශ්‍රී ලංකාවට ආධාර තොගයක්
December 3, 2025 08:15 pm
මෙරට ජනතාව මුහුණ දී සිටින ආපදා තත්ත්වයෙන් පසු අඛණ්ඩව සිදුවන ප්‍රතිසාධන කටයුතු වෙනුවෙන් බංග්ලාදේශ රජයෙන් මානුෂීය සහන තොගයක් රැගත් යානයක් අද (3) දහවල් මෙරටට ළඟාවිය.
එරට ගුවන් හමුදාවට අයත් 'C-130' ගුවන් යානයක් මෙලෙස පැමිණි අතර, එහි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සහ ඖෂධ තොගයක් ඇතුළත්ය.
ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස් අන්දලිබ් එලියාස් විසින් සහනාධාර තොගය විධිමත් ලෙස භාර දෙන ලද අතර, ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් මයුරි පෙරේරා මහත්මිය එම භාණ්ඩ තොගය භාර ගන්නා ලදී.
