දිස්ත්‍රික්ක 6කට තවදුරටත් නායයෑම් රතු නිවේදන

දිස්ත්‍රික්ක 6කට තවදුරටත් නායයෑම් රතු නිවේදන

December 2, 2025   08:57 pm

අයහපත් කාලගුණය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 06ක් සඳහා තවදුරටත් නායයෑම් රතු නිවේදන නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ, බදුල්ල, ⁠හපුතලේ, ⁠හාලි ඇල, ⁠කන්දකැටිය, ⁠පස්සර, ⁠මීගහකිවුල, ⁠ඌව පරණගම, ⁠වැලිමඩ, ⁠ලුණුගල, ⁠⁠ඇල්ල, බණ්ඩාරවෙල, ⁠සොරණාතොට සහ ⁠හල්දුම්මුල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා නායයෑමේ රතු නිවේදන නිකුත් කර තිබේ.

මීට අමතරව මහනුවර දිස්ත්‍රික්කයේ උඩපලාත, ⁠ගඟවට කෝරළය, උඩුදුම්බර, ⁠දොළුව, ⁠මිණිපෙ, ⁠පාතහේවාහැට, ⁠මැදදුම්බර, ⁠දෙල්තොට, ⁠අකුරණ, ⁠ගඟ ඉහළ කෝරළය, ⁠පාතදුම්බර, ⁠යටිනුවර, ⁠තුම්පනේ, ⁠උඩුනුවර, හාරිස්පත්තුව,⁠පූජාපිටිය,⁠පස්බාගෙ කෝරළය,⁠පන්විල, ⁠හතරලියද්ද සහ ⁠කුණ්ඩසාලේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා ද ඉවත්වීමේ රතු නිවේදන නිකුත් කර ඇති බව සඳහන්ය.

කෑගල්ල දිස්ත්‍රික්කයේ, මාවනැල්ල,රඹුක්කන,⁠අරණායක,⁠බුලත්කොහුපිටිය,⁠ගලිගමුව,⁠කෑගල්ල,⁠යටියන්තොට,⁠දෙහිඹ්විට,⁠රුවන්වැල්ල,⁠වරකාපොළ සහ ⁠දැරණියගල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා ද නායයෑමේ රතු නිවේදන නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

ඊට අමතරව කුරුණෑගල දිස්ත්‍රික්කයේ, රිදීගම,⁠මාවතගම,⁠මල්ලවපිටිය,⁠නාරම්මල,⁠අලව්ව සහ ⁠පොල්ගහවෙල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට ඉවත් වීමේ රතු නිවේදන නිකුත් කර තිබේ.

මාතලේ දිස්ත්‍රික්කය, නාඋල, ⁠රත්තොට, ⁠අඹන්ගග කෝරළය, ⁠උකුවෙල, ⁠විල්ගමුව, ⁠යටවත්ත, ⁠මාතලේ, ⁠පල්ලෙපොල සහ ⁠ලග්ගල-පල්ලේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨසවලට මෙන්ම නුවරඑළිය දිස්ත්‍රික්කය,වලපනේ, ⁠හගුරන්කෙත,⁠නිල්දණ්ඩාහින්න,⁠මතුරට,⁠නුවරඑළිය,⁠කොත්මලේ බටහිර,කොත්මලේ නැගෙනහිර,⁠අඹගමුව,⁠තලවකැලේ සහ ⁠නෝර්වුඩ් යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා ද නායයෑම් රතු නිවේදන නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසීය.

මේ අතර අනතුරු ඇඟවීමේ මට්ටම 1 - මට්ටමේ නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ඇති දිස්ත්‍රික්ක හා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පහතින්,

කොළඹ දිස්ත්‍රික්කය:
- පාදුක්ක
- ⁠සීතාවක

ගම්පහ දිස්ත්‍රික්කය:
- අත්තනගල්ල

රත්නපුර දිස්ත්‍රික්කය:
- කිරිඇල්ල
- ⁠රත්නපුර
- ⁠ඇහැළියගොඩ
- ⁠කුරුවිට
- ⁠කොලොන්න
- ⁠ඇලපාත
- ⁠අයගම
- ⁠බලංගොඩ
- ⁠කලවාන
- ⁠ඉඹුල්පෙ
- ⁠කහවත්ත
- ⁠නිවිතිගල
- ⁠ඹ්පනායක
- ⁠ගොඩකවෙල
- ⁠පැල්මඩුල්ල