ධීවර සහ නාවික කටයුතුවල යෙදීම වැළැක්වූ අනතුරු ඇඟවීම ඉවතට

ධීවර සහ නාවික කටයුතුවල යෙදීම වැළැක්වූ අනතුරු ඇඟවීම ඉවතට

December 1, 2025   09:39 am

දිවයින වට වන මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික හමුදා කටයුතුවල යෙදීම වළක්වලමින් නිකුත් කළ අනතුරු ඇඟවීම ඉවත්කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් මේ බව සඳහන් කර ඇත.

ගැඹුරු පීඩන අවපාතය කන්කසන්තුරය සිට කි.මී 320ක් ඊශාන දෙසින් උතුරු අක්ෂාංශ 12.5 සහ නැගෙනහිර දේශාංශ 80.5 ආසන්නයේ කේන්ද්‍රගත වී ඇත.

මෙම පද්ධතිය තවදුරටත් දිවයිනෙන් ඉවතට උතුරු දෙසට ගමන් කරමින් තවදුරටත් දුර්වල වෙමින් ඇති අතර මේ පිළිබඳ අවධානයෙන් සිටින ලෙසත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.