හෙට දිනයේත් දුම්රිය ගමන්වාර කිහිපයක්

හෙට දිනයේත් දුම්රිය ගමන්වාර කිහිපයක්

November 28, 2025   09:59 pm

පවතින අයහපත් කාලගුණය තත්ත්වය හමුවේ හෙට (29) දිනයේ දුම්රිය ධාවනය සිදු කරන ආකාරය පිළිබඳව විශේෂ නිවේදනයක් දුම්රිය දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර තිබේ.

ඒ අනුව දුම්රිය ධාවන කටයුතු පහත පරිදි සිදු කිරීමට ඔවුන් සැලසුම් කර ඇත.

ප්‍රධාන දුම්රිය මාර්ගය
1. කොළඹ කොටුව - මීරිගම දක්වා පෙ.ව.06.00 - මන්දගාමී

2. මීරිගම - කොළඹ කොටුව දක්වා පෙ.ව.06.30 - මන්දගාමී

3. මීරිගම - කොළඹ කොටුව දක්වා පෙ.ව.07.30 - මන්දගාමී

මුහුදුබඩ දුම්රිය මාර්ගය
1. ගාල්ල- මරදාන  දක්වා පෙ.ව.06.00 -මන්දගාමී

2. අළුත්ගම - මරදාන දක්වා පෙ.ව.05.30 - මන්දගාමී 

3. අළුත්ගම -මරදාන  දක්වා පෙ.ව.06.00 - මන්දගාමී

4. අළුත්ගම  - මරදාන  දක්වා පෙ.ව.06.30 - මන්දගාමී 

පුත්තලම දුම්රිය මාර්ගය
1. හලාවත - කොළඹ කොටුව දක්වා පෙ.ව.06.00 (මීගමුව සිට මන්දගාමී)

2. මීගමුව - කොළඹ කොටුව දක්වා  පෙ.ව.07.35 - මන්දගාමී

කැලණිවැලි දුම්රිය මාර්ගය
1. අවිස්සාවේල්ල - කොළඹ කොටුව දක්වා පෙ.ව.05.55 - මන්දගාමී