කඩුවෙල අධිවේගී අන්තර් හුවමාරුවේ වාහන ගමනාගමනය සම්පූර්ණයෙන්ම නවතී

කඩුවෙල අධිවේගී අන්තර් හුවමාරුවේ වාහන ගමනාගමනය සම්පූර්ණයෙන්ම නවතී

November 28, 2025   01:39 pm

පවතින අධික වර්ෂාව හේතුවෙන් කැලණි ගඟ පිටාර ගැලීම හේතුවෙන් කඩුවෙල අධිවේගී අන්තර් හුවමාරු ඒකකයේ වාහන ගමනාගමනය සම්පූර්ණයෙන්ම නතර කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය සඳහන් කර ඇත්තේ, ගංවතුර තත්ත්වය හේතුවෙන් කඩවත දෙසින් අධිවේගී මාර්ගයට ඇතුළු වන වාහන කඩුවෙල පිටවීමේ දොරටුවෙන් පිටවීම සම්පූර්ණයෙන් නවතා ඇති බවය.

එමෙන්ම කඩුවෙල දෙසින් පැමිණෙන වාහන කඩවත දෙසට අධිවේගී මාර්ගයට ඇතුළුවීම ද සම්පූර්ණයෙන්ම නවතා තිබේ.