ගල් ඔය හා මී ඔය අවට ප්‍රදේශවලට නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කෙරේ
November 28, 2025 01:27 pm
ගල් ඔය ද්‍රෝණිය සඳහා නිකුත් කර තිබූ ගංවතුර අනතුරු ඇඟවීම ඉදිරි පැය 48 සඳහා ද දීර්ඝ කර තිබේ.
එබැවින් එම ප්‍රදේශවල පදිංචි මහජනතාවගෙන් ඒ සම්බන්ධව දැඩි විමසිල්ලෙන් පසුවන ලෙසත්, ඇතිවිය හැකි ගංවතුර තත්ත්වයෙන් ආරක්ෂාවීමට කටයුතු කරන ලෙසත් දැනුම් වී ඇත.
එමෙන්ම මී ඔය ද්‍රෝණිය සඳහා නිකුත් කළ ගංවතුර ඇඟවීම ද ඉදිරි පැය 48 දක්වා දීර්ඝ කර බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත.
ඒ අනුව එම ප්‍රදේශවල ජනතාවට දැඩි විමසිල්ලෙන් පසුවන ලෙස ද දැනුම් දී ඇත.
