කුඹුක්කන් ඔය ආශ්රිත පහත් බිම්වලටත් ගංවතුර අවදානම් තත්ත්වයක්
November 26, 2025 05:32 pm
කුඹුක්කන් ඔය ද්‍රෝණිය ආශ්රිත පහත් බිම් ප්‍රදේශවල ඉදිරි පැය 24ක කාලය තුළ ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ හැකියාවක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අද (26) ප.ව. 4ට නිවේදනයක් නිකුත්කරමින් පැවසීය.
කුඹුක්කන් ඔය ද්‍රෝණිය ආශ්රිත ප්‍රදේශවලට ඊයේ (25) රාත්‍රියේ සිට ලැබෙන වර්ෂාපතනය හේතුවෙන් මෙලෙස ගංවතුර අවදානම් තත්ත්වයක් පවතින බව අදාළ නිවේදනයේ සඳහන් වෙයි.
අධික වර්ෂාපනය හේතුවෙන් මොණරාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ නක්කල, කුඹුක්කන, මාදුරුකැටිය යන ග්‍රාම නිලධාරී කොට්ඨාශවලට මෙන්ම බුත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඔක්කම්පිටිය හා ගාමිණීපුර යන ග්‍රාම නිලධාරී කොට්ඨාශවලට අයත් කුඹුක්කන් ඔය ආශ්රිත පහත් බිම් ප්‍රදේශවලට මෙලෙස ගංවතුර අවදානම් තත්ත්වයක් පවතී.
එබැවින් එම ප්‍රදේශවල කුඹුක්කන් ඔය ආසන්නව පදිංචි ජනතාව සහ එම ප්‍රදේශ හරහා ගමන්කරන රථ වාහන රියදුරන් සහ මගීන් ඒ සම්බන්ධව දැඩි විමසිල්ලෙන් පසුවන ලෙසත්, ඇතිවිය හැකි ගංවතුර තත්ත්වයකින් ආරක්ෂාවීමට කටයුතු කරන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
