'දෙහි බාලේට' අයත් ධීවර යාත්රා පහක් CID භාරයට
November 26, 2025 01:44 pm
'දෙහි බාලේට' අයත් ධීවර යාත්රා පහක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් අංශය විසින් සිය භාරයට ගෙන තිබේ.
දික්වැල්ල ධීවර වරායේ නැංගුරම් ලා තිබියදී මෙම යාත්රා පහ සිය භාරයට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැවසීය.
එහි වටිනාකම රුපියල් මිලියන 200ක් පමණ වන බවද සඳහන් වේ.
