ඉන්දු - ඔස්ට්‍රේලියා - කැනඩා නව සන්ධානයක්
සයුරෙන් එතෙර

ඉන්දු - ඔස්ට්‍රේලියා - කැනඩා නව සන්ධානයක්

November 26, 2025   01:06 pm

ඉන්දියාව, ඔස්ට්‍රේලියාව සහ කැනඩාව තාක්ෂණ හා නවෝත්පාදන (ACITI) හවුල්කාරිත්වය නමින් නව ත්‍රෛපාර්ශ්වික තාක්ෂණ හා නවෝත්පාදන සන්ධානයක් පිහිටුවීමට එකඟවී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ තීරණාත්මක සහ නැගී එන තාක්ෂණයන් පිළිබඳ සහයෝගීතාවයේ අභිලාෂයන් ශක්තිමත් කිරීමට රටවල් ත්‍රිත්වයම එකඟවී ඇති බවය.

මෙම මුලපිරීම රටවල් තුනේ ස්වාභාවික ශක්තීන් මත පදනම් වෙයි.

මෙහිදී හරිත බලශක්ති නවෝත්පාදනය සහ තීරණාත්මක ඛනිජ ඇතුළු සැපයුම් දාම ගොඩනැගීම කෙරෙහි අවධාරණය කරනු ඇති බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

එමෙන්ම අදාළ නිවේදනයේ දැක්වෙන්නේ, පුරවැසියන්ගේ ජීවිත වැඩිදියුණු කිරීම සඳහා කෘත්‍රිම බුද්ධිය සංවර්ධනය කිරීම ඇතුළු කරුණු රැසක් ඊට ඇතුළත් බවය.

මෙම එකඟතා ඉදිරියට ගෙන යාම සඳහා රටවල් ත්‍රිත්වයේ නියෝජිතයින් 2026 පළමු කාර්තුවේදී රැස්විය යුතු බවටද එකඟවී තිබේ.