ඉවතලන ප්ලාස්ටික් බෝතල් මූඩීවලින් නිර්මාණය කරන ලද වේදිකා බංකුවක් මරදාන දුම්රිය ස්ථානයට
November 5, 2025 01:49 pm
මරදාන දුම්රිය ස්ථානයේ හා දුම්රිය මාර්ගවල තිබූ ප්ලාස්ටික් බෝතල් මූඩි භාවිතයෙන් නිර්මාණය කරන ලද මගී ආසනයක් මරදාන දුම්රිය ස්ථානයට ලබා දී තිබේ.
නිර්මාණය කර මෙම මගී ආසනය අද (05) මරදාන දුම්රිය ස්ථානයට ලබාදීමට කටයුතු කර ඇත.
අක්‍රමවත් ලෙස බැහැර කරන ප්ලාස්ටික් බෝතල්වල මූඩි ඵලදායීව භාවිතා කරමින් කැලණිය විශ්වවිද්‍යාලීය ZeroPlastic සමාජයේ, Community engagement avenue විසින් සංවිධානය කරනු ලබන Bloom Morph ව්‍යාපෘතිය මඟින් Katana Upcycl ආයතනයේද සහයෝගය ඇතුව, මරදාන දුම්රිය ස්ථානයේද පූර්ණ අධීක්ෂණය සහිතව මරදාන දුම්රිය ස්ථානයේ හා දුම්රිය මාර්ගවල තිබූ ප්ලාස්ටික් බෝතල් මූඩි භාවිතයෙන් මගී ආසනයක් නිර්මාණය කර ඇත.
පරිසර අපවිත්‍ර කරන මෙම ප්ලාස්ටික් අපද්‍රව්‍ය ක්‍රමානුකූලව භාවිතා කරමින් ඵලදායී නවෝත්පාදනයක් සිදුකිරීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ වූ අතර අද දින එම වේදිකා බංකුව මරදාන දුම්රිය ස්ථාන අධිකාරී කපිල පුෂ්පකුමාර මහතාගේ සුරතින් මරදාන දුම්රිය ස්ථානයේ දී මගී ජනතාවගේ භාවිතය උදේසා විවෘත විය.
