කටුකුරුන්ද වෙරළ තීරයේ රු. කෝටි 3ක හෂීෂ්

කටුකුරුන්ද වෙරළ තීරයේ රු. කෝටි 3ක හෂීෂ්

November 5, 2025   09:06 am

Update 11:10 am -

කළුතර දකුණ පොලිස් බලප්‍රදේශයට අයත් කටුකුරුන්ද වෙරළ තීරයේ තිබී අද (05) උදෑසන සොයාගෙන ඇත්තේ හෂීෂ් මත්ද්‍රව්‍ය තොගයක් බවට මේ වනවිට අනාවරණය වී තිබේ.

එහි රුපියල් කෝටි 3කට අධික හෂීෂ් මත්ද්‍රව්‍ය කිලෝ 12ක් පමණ තිබී ඇතැයි පැවසෙයි.

වෙරළට ගොඩගසා තිබූ මෙම පාර්සලය ප්‍රථමයෙන් දැක ඇත්තේ ඒ අසල සංචාරක හෝටලයක සේවකයින් පිරිසක් වන අතර ඔවුන් ඒ බව ආරක්ෂක අංශ වෙත දැනුම්දී තිබුණි.

ඒ අනුව කටුකුරුන්ද පොලිස් විශේෂ කාර්ය බළකා පුහුණු කඳවුරේ නිලධාරීන් පැමිණ අදාළ පාර්සලය විමර්ශන කටයුතු සඳහා රැගෙන ගියේය.

සිද්ධිය සම්බන්ධයෙන් කළුතර කටුකුරුන්ද පොලිස් විශේෂ කාර්ය බළකාය සහ කළුතර දකුණ පොලීසිය විමර්ශන සිදුකරයි.

--------------------------------------------------------------------------

කටුකුරුන්ද වෙරළ තීරයේ සැකසහිත පාර්සලයක් 

November 5, 2025   09:06 am

කළුතර දකුණ පොලිස් බලප්‍රදේශයට අයත් කටුකුරුන්ද වෙරළ තීරයට අද (05) උදෑසන මත්ද්‍රව්‍ය බවට සැක කෙරෙන පාර්සලයක් ගොඩගසා තිබේ.

කිලෝ 10ක පමණ බරැති පාර්සලයක් මෙලෙස වෙරළට ගොඩගසා තිබියදී ඒ අසල සංචාරක හෝටලයක සේවකයින් දැක ඒ පිළිබඳව ආරක්ෂක අංශ දැනුවත් කර ඇත.

පසුව පොලිස් විශේෂ කාර්ය බළකාය පැමිණ එම පාර්සලය ඉදිරි විමර්ශන කටයුතු සඳහා රැගෙනගොස් තිබේ.

මෙම පාර්සලය මුහුදේ පාවී ආවේද නැතිනම් කිසියම් පුද්ගලයෙකු පැමිණ මෙම ස්ථානයේ දමා ගොස් තිබේද යන්න පිළිබඳව කළුතර කටුකුරුන්ද පොලිස් විශේෂ කාර්ය බළකාය සහ කළුතර දකුණ පොලීසිය විමර්ශන සිදුකරයි.