දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම්

දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම්

October 13, 2025   09:48 pm

දිස්ත්‍රික්ක 7ක් සඳහා නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ පණිවුඩයක් නිකුත් කර තිබේ.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසුවේ අද (13) රාත්‍රී 9 සිට හෙට (14) රාත්‍රී 9 දක්වා වූ ඉදිරි පැය 24 සඳහා මෙම අනතුරු ඇඟවීම ක්‍රියාත්මක බවය.

ඒ අනුව විමසිලිමත් විය යුතු බව දැනුම්දෙනු ලබන කහ පැහැති අනතුරු ඇඟවීමේ පළමු මට්ටමේ නිවේදනය අද (30) රාත්‍රී 9 සිට හෙට (31) රාත්‍රී 9 දක්වා වූ ඉදිරි පැය 24 සඳහා නිකුත් කර ඇත.

ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ දොළුව සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ කෑගල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වෙත ඇම්බර් පැහැයෙන් යුතු "අවදානයෙන් සිටින ලෙසට" අනතුරු අඟවා තිබේ.

තවද මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර, ⁠යටිනුවර සහ මැදදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වෙත "කහ පැහැයෙන් යුතු" විමසිලිමත් වන්න යන අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.

මීට අමතරව බදුල්ල දිස්ත්‍රික්කයේ ඌව පරනගම, කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට, මාතලේ දිස්ත්‍රික්කයේ නාඋල, මොනරාගල දිස්ත්‍රික්කයේ මැදගම සහ බිබිල, නුවරඑළිය දිස්ත්‍රික්කයේ හගුරන්කෙත, රත්නපුර දිස්ත්‍රික්කයේ ඇලපාත,  ඹ්පනායක, කිරිඇල්ල, වැලිගෙපොල, පැල්මඩුල්ල, කොලොන්න, කහවත්ත, රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වෙතද "කහ පැහැයෙන් යුතු" විමසිලිමත් වන්න යන අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.