නාවික මෙහෙයුම් මඟින් පුද්ගලයින් 45ක් නීතියේ රැහැනට
October 13, 2025 06:01 pm
සතියක් තුළ සිදුකළ නාවික මෙහෙයුම්වලින් නීතිවිරෝධී ක්‍රම භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 45 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් නාවික හමුදාව සඳහන් කර ඇත්තේ, 2025 සැප්තැම්බර් 29 සිට ඔක්තෝබර් 07 දක්වා සිදුකළ මෙහෙයුම් මඟින් මෙම පිරිස අත්අඩංගුවට පත්ව ඇත.
එහිදී දේශීය ජල තීරය ආවරණය වන පරිදි තහනම් ධීවර දැල් හා පුපුරණ ද්‍රව්‍ය භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ, බලපත්‍ර නොමැතිව ධීවර කටයුතු සිදුකළ සහ නීතිවිරෝධි පන්නක්‍රම භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින්ව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර, ඩිංගි යාත්‍රා 11ක්, කැනොයි ඔරු දෙකක් සහ කැබ් රථයක් ද නීතියේ රැහැනට හසුකර ගෙන තිබේ.
යාපනය නගර සීමාව සහ ත්‍රීකුණාමලය මලෛමුන්තාල්, කොක්කුතුඩුවායි, බෝල්ඩර් පොයින්ට්, කෝකිලායි, කදිරවේලි පොයින්ට්, පුඩුවකට්ටු, ෆාවුල් පොයින්ට්, ඔට්ටමාවඩි, ප්ලාන්ටන් පොයින්ට්, කල්කුඩා, කල්ලරාව වෙරළ හා මුහුදු ප්‍රදේශ ආවරණය වන පරිදි මෙම මෙහෙයුම උතුරු සහ නැගෙනහිර නාවික විධාන විසින් සිදුකර ඇත.
සැකකරුවන්ව තහනම් ධිවර ආම්පන්න, ධීවර යාත්‍රා සහ කැබ් රථය ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය කින්නියා, මුලතිව්, කුච්චවේලි, ලංකාපටුන, කොඩ්බේ සහ මඩකලපුව ධිවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු කාර්යාල වෙත වෙත භාරදීමට කටයුතු කර තිබේ.