ආර්ථික විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය දිනූ අය
October 13, 2025 04:24 pm
2025 ආර්ථික විද්‍යාව සඳහා වූ නොබෙල් ත්‍යාගය තිදෙනෙකුට ප්‍රදානය කරන බව නොබෙල් ත්‍යාග කමිටුව අද (13) නිවේදනය කළේය.
ඒ, ජොයෙල් මොකර්, පිලිප් අජියන් සහ පීටර් හොවිට් යන ආර්ථික විද්‍යා විද්‍යාඥයින් සඳහා ය.
නවෝත්පාදනය මත පදනම් වූ ආර්ථික වර්ධනය පැහැදිලි කිරීම වෙනුවෙන් මෙසෙල නොබෙල් ත්‍යාගය ප්‍රදානය කරන බව නොබෙල් ත්‍යාග කමිටුව සඳහන් කර ඇත.
"තාක්ෂණික ප්‍රගතිය තුළින් තිරසාර වර්ධනයක් සඳහා පූර්වාවශ්‍යතා හඳුනා ගැනීම වෙනුවෙන්" මොකීර්ට සහ "නිර්මාණාත්මක විනාශය තුළින් තිරසාර වර්ධනයක් පිළිබඳ න්‍යාය සඳහා" වූ ත්‍යාගය අජියන් සහ හොවිට් වෙත නොබෙල් ත්‍යාග ප්‍රදානය කිරීමට නියමිතය.