නොබෙල් සාම ත්‍යාගය සඳහා ජනපති ට්‍රම්ප්ව යෝජනා කරයි
October 13, 2025 04:10 pm
update - 05.00 pm
මේ අතර, ගාසා තීරයේ සටන් විරාමය සහ ප්‍රාණ ඇපකරුවන් සම්බන්ධ ගිවිසුමට මැදිහත් වීම සහ ඊශ්‍රායලයට දිගුකාලීන සහයෝගය දැක්වීම වෙනුවෙන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඊශ්‍රායලයේ ඉහළම සිවිල් ගෞරවය හිමිවන බව ඊශ්‍රායල අගමැති නෙතන්යාහු එරට පාර්ලිමේන්තුව අමතමින් පැවසීය.
ඊශ්‍රායලය විසින් පිරිනමන මෙම ඉහළම සම්මානය ඊශ්‍රායල පුරවැසියෙකු නොවන පුද්ගලයෙකුට පිරිනමන පළමු අවස්ථාවට මෙය බව වාර්තා වේ.
ඊශ්‍රායල පාර්ලිමේන්තුවේ කථානායකවරයා විසින් ලබන වසරේ නොබෙල් සාම ත්‍යාගය සඳහා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ව යෝජනා කර ඇත.
මැද පෙරදිග කලාපයේ සාමය සහ ආරක්ෂාව ඇති කිරීම වෙනුවෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් කළ මැදිහත්වීම වෙනුවෙන් ඔහුගේ නම මෙලෙස යෝජනා කර තිබේ.
ප්‍රාණඇපකරුවන් නිදහස් කිරීමට සමගාමීව එම කර්තව්‍ය සඳහා ප්‍රබල දායකත්වයක් ලබාදුන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද (13) ඊශ්‍රායලය වෙත පැමිණි අතර තව නොබෝ වෙලාවකින් ට්‍රම්ප් ජනාධිපතිවරයා විසින් ඊශ්‍රායල පාර්ලිමේන්තුව ඇමතීමට නියමිතය.
මේ අතර, මීට පෙර ද ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු විසින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නොබෙල් සාම ත්‍යාගය සඳහා නම් කර තිබුණි.ෙ