සයුරෙන් එතෙර
අමෙරිකාවේ ටෙනසිහි පිපිරීමකින් 18ක් අතුරුදන්
October 11, 2025 09:32 pm
අමෙරිකාවේ ටෙනසි ප්‍රාන්තයේ නාෂ්විල් හි පිහිටි කර්මාන්ත ශාලාවක සිදුවූ විශාල පිපිරීමකින් පුද්ගලයින් 18 දෙනෙකු අතුරුදන්ව සිටින අතර ඔවුන් මියගොස් ඇති බවට ආරක්ෂක අංශ සැක පල කරයි.
ආරක්ෂක අංශ සඳහා අවශ්‍ය පුපුරණ ද්‍රව්‍ය නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවක මෙම පිපිරීම හටගෙන ඇත.
අදාළ පිපිරීමේ කම්පනය සැතපුම් කිහිපයක් දුරට දැනී තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
කෙසේවෙතත් අනතුරට හේතුව සොයා විමර්ශන ක්‍රියාත්මකය.