සයුරෙන් එතෙර

අමෙරිකා  - ඉන්දියා වෙළෙඳ සාකච්ඡා තවත් අවසන් නැහැ

October 10, 2025   08:18 am

අමෙරිකා එක්සත් ජනපදය සමග වෙළෙඳ අවබෝධයක් ඇති කරගැනීමට අවශ්‍ය බව ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් පවසයි.

ඊට හේතුව වන්නේ අමෙරිකාව යනු ලෝකයේ විශාලතම වෙළෙඳපොළ වන නිසා පමණක් නොවන බවද ඔහු පෙන්වා දෙයි.

නවදිල්ලියේ පැවැති ආර්ථික සංසදයේ සාකච්ඡාවකදී ජයිශංකර් පවසා ඇත්තේ ඉන්දියාව සහ එක්සත් ජනපදය තවමත් අඛණ්ඩ වෙළෙඳ සාකච්ඡාවලදී අවසානයකට ළඟාවී නොමැති බවය. 

වැඩිදුරටත් අදහස් දැක්වූ ඉන්දීය විදේශ අමාත්‍යවරයා සඳහන් කළේ, ඉදිරි වසර සියලු රටවල් සඳහා ඔරොත්තු දීමේ පරීක්ෂණයක් බවය.