නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ පරවියන් 149ක් වනජීවී භාරයට
October 9, 2025 08:46 pm
ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් රැගෙන එමින් සිටි පරවියන් 149 දෙනෙකු නාවික හමුදාව විසින් සිය භාරයට ගෙන තිබේ.
නාවික හමුදාව විසින් සිදු කළ විශේෂ පරීක්ෂාවකදී ඉන්දියාවේ සිට කල්පිටිය දක්වා රැගෙන එමින් තිබූ යාත්‍රාවක් තුළ සගවා සිටියදී මෙම පරවියන් සොයා ගෙන ඇත.
මෙම සත්ත්වයින් ඉන්දියාවේ රාමේෂ්වරම් හෝ ආසන්න ස්ථානයක සිට මෙරට මුහුදු සීමාවට රැගෙන ඒමෙන් පසුව මෙම ධීවර යාත්‍රාවට ලබා දී ඇති බව වාර්තා වේ.
ඒ අනුව අදාළ යාත්‍රාවේ ක්‍රියාකරු සහ තවත් අයෙකු ද නාවික හමුදා විසින් සිය භාරයට ගෙන ඇති අතර පරවියන් 149 දෙනා වනජීවි නිලධාරීන්ට භාර දී ඇත.
කෙසේවෙතත් සිදු කරන ලද මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ මෙම එක් පරවි ජෝඩුවක් රුපියල් 50,000ත් 100,000ත් අතර මුදලකට අළෙවි කිරීමට සුදානමින් සිට ඇති බවය.