2026 වර්ෂයේ පාසල් විභාග පැවැත්වීම  සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක්

2026 වර්ෂයේ පාසල් විභාග පැවැත්වීම සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක්

September 14, 2025   01:01 pm

2026 වර්ෂයේදී පැවැත්වීමට නියමිත විභාග සම්බන්ධයෙන් වන විශේෂ නිවේදනයක් අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිකුත් කර තිබේ.

ඒ අනුව 2025 (2026) අ.පො.ස. සාමාන්‍ය පෙළ 2026-02-17 සිට 2026-02-26 දක්වා පැවැත්වීමට නියමිතව ඇත.

එමෙන්ම අ.පො.ස. උසස් පෙළ විභාගය 2026-08-10 සිට 2026-09-05 දක්වා පැවැත්වීමට නියමිතය.

2026, 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය 2026-08-09 පවත්වන බව එම නිවේදනයේ සඳහන් වේ.

එමෙන්ම එහි වැඩිදුරටත් දැක්වෙන්නේ 2026 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය 2026-12-08 සිට 2026-12-17 දක්වා පැවැත්වෙන බවය.