වලස් කටා යළිත් බස්නාහිර උතුර අපරාධ කොට්ඨාස වෙත භාරදෙයි
September 2, 2025 08:25 pm
බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයෙන් පලායාමට තැත්කිරීමේදී තුවාල සිදුවූ කෙහෙලබද්දර පද්මේගේ සමීපතමෙයක් වන 'වලස් කට' නැමැත්තා, ප්‍රතිකාර අවසන් කර නැවත එම කොට්ඨාසයට රැගෙනවිත් තිබේ.
ඊයේ (01) එම සැකකරු රැගෙන ආ බව වාර්තා වෙයි.
එහිදී පොලීසිය කෙහෙල්බද්දර පද්මේ අත්අඩංගුවට පත්වීම සම්බන්ධයෙන් සැකකරුගෙන් විමසා ඇති බව සඳහන්ය.
එහිදී ඔහු ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් සිල්වා මහතාට මෙලෙස පවසා තිබේ.
"සර් අපේ චණ්ඩියා සර් ඉස්සරහා ඇඹරුණාලුනේ, මට ඒ දර්ශනය බලන්න ආසයි සර්" යනුවෙනි.
බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරමින් සිටී.