ත්‍රස්තවාදයට එරෙහිව ෂැංහයි සමුළුවේදී එකමතයක්
සයුරෙන් එතෙර

ත්‍රස්තවාදයට එරෙහිව ෂැංහයි සමුළුවේදී එකමතයක්

September 2, 2025   03:46 pm

චීනයේ ටියැන්ජින් හි පැවැති ෂැංහයි සහයෝගීතා සංවිධානයේ රාජ්‍ය නායක සමුළුවේ ඒකාබද්ධ ප්‍රකාශනයේදී එහි සාමාජික රටවල් ඔවුන්ගේ ප්‍රකාශය තුළ ත්‍රස්තවාදයට එරෙහිව දැඩි ස්ථාවරයක් අනුගමනය කර තිබේ.

විදෙස් මාධ්‍ය පැවසුවේ පුද්ගලයින් 26 දෙනෙකුට මරු කැඳවූ අප්‍රේල් 22 වන දින ඉන්දියාවේ පහළගම් හි ත්‍රස්ත ප්‍රහාරය සාමාජික රටවල් දැඩි ලෙස හෙළා දකින ලද බවය. 

මෙවැනි ප්‍රහාර එල්ල කළ අපරාධකරුවන් සහ ඊට සම්බන්ධ පුද්ගලයින් නීතිය හමුවට ගෙන ආ යුතු බවද ඔවුන් පවසා තිබේ.

ත්‍රස්තවාදී සහ අන්තවාදී තර්ජන මැඩලීමේ දී රටවලට පැවරී ඇති වගකීම් පිළිබඳව ද මෙහිදී අවධානය යොමුකර ඇත.

සියලු ආකාරයේ ත්‍රස්තවාදය දැඩි ලෙස හෙළාදකින එම සාමාජික රටවල්, ත්‍රස්තවාදයට එරෙහි සටනේදී ද්විත්ව ප්‍රමිති පිළිගත නොහැකි බවද අවධාරණය කර තිබේ.

මෙහිදී එම සාමාජික රටවල් ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා සිටියේ 
ත්‍රස්තවාදයට එරෙහිව සටන් කරන ලෙසය.