කිම් ජොන් උන් චීන වෙත පැමිණෙයි
September 2, 2025 02:59 pm
උතුරු කොරියානු නායක කිම් ජොන් උන් චීනයේ බීජිං අගනුවර වෙත පැමිණ තිබේ.
චීනයේ පැවැත්වෙන "ජයග්‍රාහී දින" පෙළපාළියේ ආරාධිතයෙකු ලෙස උතුරු කොරියානු නායකවරයා මෙලෙස චීනයට පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේය.
එහිදී කිම් ජොන් උන් චීන ජනාධිපති ෂී ජින්පින්, රුසියාවේ ජනාධිපති ව්ලැද්මීර් පුටින් සහ අනෙකුත් ලෝක නායකයින් සමඟ සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.
උතුරු කොරියානු නායකයාගේ පළමු බහුපාර්ශ්වික ජාත්‍යන්තර හමුව මෙය වන බව සඳහන්ය.
වර්ෂ 1959න් පසු උතුරු කොරියානු නායකයෙකු චීන හමුදා පෙළපාළියකට සහභාගී වූ පළමු අවස්ථාව මෙය වන බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේය.