පොල් හොරාට වෙඩි - තුවාලකරු රෝහලට
September 2, 2025 12:35 pm
මාතලේ, කොහොළන්වල ප්‍රදේශයේ පොල් වත්තකට අනවසරෙන් ඇතුළු වී පොල් සොරකම් කරමින් සිටි පුද්ගලයෙකුට එම වත්තෙහි මුරකරු විසින් වෙඩිතැබීමක් සිදුකර ඇති අතර, තුවාලකරු මාතලේ දිස්ත්‍රික් මහා රෝහල වෙත ඇතුළත් කර ඇති බවය.
අද (02) අලුයම අක්කර 20ක පමණ විශාල මෙම පොල් වත්තේ පොල් සොරකම් කිරීම සඳහා තුවාලකරු සහ තවත් පුද්ගලයෙකු ගොස් තිබේ.
එම අවස්ථාවේ දී එම වත්තේ මුරකරු විසින් මෙම පුද්ගලයින් දෙසට වෙඩි ප්‍රහාර එල්ල කර ඇති අතර එහිදී එක් වෙඩිල්ලක් මොවුන් දෙදෙනාගෙන් එක් අයෙකුට වැදි ඇත.
වෙඩි වැදුණද එම පුද්ගලයා මීටර් පන්සීයක් පමණ දිව ගොස් කොහොලන්වල ප්‍රධාන මාර්ගය අසල වැටී සිටියදී එම ප්‍රදේශවාසීන් විසින් ඔහු රෝහල්ගත කිරීමට කටයුතු කර තිබේ.
මෙම වෙඩි වැදුණු පුද්ගලයා මීට පෙරද අවස්ථා ගණනාවකදී එම පොල් වත්තට ඇතුළු වී පොල් සොරකම් කරනු ලබන බවට මහවෙල පොලීසිය වෙත පැමිණිලි කර ඇති බව මහවෙල පොලීසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් වත්තෙහි මුරකරු අත්අඩංගුවට ගෙන ඇත.
එමෙන්ම, පොල් වත්තට අනවසරයෙන් ඇතුල් වී පොල් සොරකම් කිරීමට තැත් කළ අනෙක් සැකකරුද අත්අඩංගුවට ගැනීම සඳහා මහවෙල පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කටයුතු මහවෙල පොලීසිය මඟින් සිදුකරනු ලබයි.