අපරාධකරුවෝ අත්අඩංගුවට ගන්න සහාය දුන් සැමට පොලිස්පතිගෙන් තුති
September 1, 2025 04:29 pm
විදෙස් ගතව සිටි සංවිධානාත්මක අපරාධකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට සහය ලබාදුන් ජාත්‍යන්තර පොලීසිය, ඉන්දුනීසියානු සහ ඉන්දියානු බලධාරීන් ඇතුළු මේ සඳහා දායකත්වය ලබා දුන් සැමට පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් විශේෂ ස්තුතියක් පුද කර සිටියි.
නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය මේ බව දැනුම් දී තිබේ.
විදෙස් රටවල සැඟව සිටිමින් මෙරට සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවනු ලබන සංවිධානාත්මක අපරාධකරුවන් පස් දෙනෙකු ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන පසුගිය 30 වන දින දිවයිනට ගෙන ආවේය.
ඉන් පසුව එම සැකකරුවන් රැඳවුම් නියෝග මත රඳවා තබා ගෙන මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය මඟින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
දිවයිනේ මේ වන විට සිදුවන සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමට ශ්‍රී ලංකා පොලීසිය විසින් අඛණ්ඩව මෙහෙයුම් සිදු කරමින් පවතින අතර එම ක්‍රියාවලියට සමගාමීව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් ඉන්දුනීසියාව වෙත ගොස් එරට පොලිස් නිලධාරීන්ගේ සහය ලබාගෙන සිදු කරන ලද විශේෂ මෙහෙයුමකින් මෙම සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගන්නා ලදී.
මෙරට අපරාධ හා මත්ද්‍රව්‍ය ජාලය මර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා පොලීසියට විශේෂ සහයක් ලබා දෙමින්, විදේශගතව සැඟව සිටි සංවිධානාත්මක අපරාධ වලට සම්බන්ධ මෙම සැකකරුවන් සාර්ථක ලෙස අත්අඩංගුවට ගෙන දිවයිනට රැගෙන ඒම දක්වා රාජ්‍යතාන්ත්‍රික වශයෙන් සහයෝගය ලබා දුන් ජාත්‍යන්තර පොලීසිය, ඉන්දුනීසියානු පොලීසිය හා ඉන්දියානු බලධාරීන් ඇතුළු මේ සඳහා දායකත්වය ලබා දුන් සැමට පොලිස්පතිවරයා විසින් විශේෂ ස්තුතියක් පුද කරන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.