වනඅලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු මරුට
September 1, 2025 03:10 pm
අරලගංවිල කනිච්චියාගල ප්‍රදේශයේදී වන අලියෙකු පහරදීමෙන් පුද්ගලයකු මියගොස් තිබේ.
අදාළ පුද්ගලයා ඉදල් සෑදීම සදහා අවශ්‍ය අමුද්‍රව්‍ය සොයාගැනීමට ගොස් සිටියදී වන අලි පහරකෑමට ලක්ව ඇති බව පොලිසිය සදහන් කළේය.
මෙලෙස මියගොස් ඇත්තේ 67 හැවිරිදි වූ රුහුණුගම ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකි.
මෘත ශරීරය පොලොන්නරුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර අරලගංවිල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.