ධීවරයින්ට රතු නිවේදනයක්

ධීවරයින්ට රතු නිවේදනයක්

July 18, 2025   10:45 am

ඉදිරි පැය 24 සඳහා පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවල යාත්‍රා නොකරන ලෙස නාවික සහ ධීවර ප්‍රජාවන්ට රතු නිවේදනයක් නිකුත් කර තිබේ.

පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැ.කි.මී. (60-70) දක්වා වැඩි විය හැකි අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු හෝ ඉතා රළු විය හැකි බව එම නිවේදනයේ දැක්වේ.

එමෙන්ම පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් (2.5 - 3.0) ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතී.

මේ හේතුවෙන් පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන ප්‍රදේශවල මුහුදු රළ ගොඩ බිමට පැමිණීමේ හැකියාවක් ද පවතින බව සඳහන් ය.

Weather by poornima on Scribd