පොලිස් දුක් ගැනවිලි වලටත් ඉඩක්...

January 4, 2012   03:36 pm

පොලිස් නිලධාරීන්ගේ දුක් ගැනවිලි සම්බන්ධව ක්ෂණික ක්‍රියාමාර්ග ගැනීම සඳහා පොලිස් දුක් ගැනවිලි කොට්ඨාශය ක්‍රියාකාරී කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසයි.

යම් පොලිස් නිලධාරියකුගේ දුක් ගැනවිල්ලක් සම්බන්ධයෙන් මෙම කොට්ඨාශය වෙත සෘජුවම 011 2 472 593 දුරකථන අංකයට ෆැක්ස් මගින් හෝ තැපැල් මගින් යොමු කළ හැකි බව හෙතෙම කියා සිටියි.

මෙම කොට්ඨාශය වෙත ලැබෙන දුක් ගැනවිලි සම්බන්ධයෙන් ඉතා‍ කඩිනමින් විසඳුම් ලබාදීමට ක්‍රියා කරනු ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා විසින් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.