අයිස් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයෙක් අරණායකදී අත්අඩංගුවට
May 4, 2025 10:13 am
අරණායක පොලිස් වසමේ අරම ප්‍රදේශයේදී අයිස් නැමැති මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 400ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ (03) පස්වරුවේ එම සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණේ අරණායක පොලීසියට ලද තොරතුරකට අනුවය.
පොලිස් භාරයට ගත් එම මත්ද්‍රව්‍ය ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින ප්‍රධාන පෙලේ මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙය වන්නියක් වන දිලිනි නැමැත්තිය විසින් මෙරටට එවන ලද ඒවා බවට පොලීසිය සැකකරයි.
අත්අඩංගුවට ගත් සැකකරුගේ නිවසේ අල්මාරියක් තුළ ඉතා සූක්ෂම අයුරින් මෙම අයිස් නැමැති මත්ද්‍රව්‍ය සඟවා තිබීයදී පොලීසිය විසින් සොයාගෙන ඇත.
අදාළ සැකකරු අරණායක, අරම ප්‍රදේශයේ 43 හැවිරිදි විවාහක පුද්ගලයෙක් බව පොලීසිය පවසයි.
මෙම සැකකරුට වාහන 40කට අධික ප්‍රමාණයක් පැහැර ගැනීමේ චෝදනාව ඇතුළුව විවිධ අපරාද සම්බධයෙන් අධිකරණයෙන් වැරදි කරුවකු වූ අයෙකු බවද අද දෙරණ වාර්තාකරු පැවසීය.
අත්අඩංගුවට ගත් සැකකරු අද (04) මාවනැල්ල දිසා මහසේත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර පැය 48 රැඳවුම් නියෝග ලබාගනිමින් වැඩිදුර විමර්ශන සිදුකිරීමට කටයුතු කරන බව පොලීසිය පැවසීය.