කොටහේන ප්රදේශයෙන් ගමන් ගන්නා රියදුරන්ට දැනුම්දීමක්
April 20, 2025 02:59 pm
හෙට (21) දිනයේ කොටහේන පොලිස් වසම සහ වෙරළබඩ පොලිස් වසම ඇතුලත මාර්ගවල රථවාහන ගමනාගමනය සීමා කිරීමට සිදුවන බව පොලීසිය දැනුම් දී තිබේ.
කොටහේන ශාන්ත ලුසියා දේවස්ථානයේ සිට කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය දක්වා පවත්වන පාගමන සහ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ පැවැත්වෙන විශේෂ දේව මෙහෙය හේතුවෙන් මෙලෙස රථවාහන ගමනාගමනය සීමා කිරීමට සිදුවන පොලීසිය පවසයි.
මෙම පා ගමන උදෑසන 07.00 ට කොටහේන ශාන්ත ලුසියා දේවස්ථානයෙන් ආරම්භ කර බොංජින් හන්දියෙන් වමට හරවා ගල්පොත්ත වටරවුමෙන් ගල්පොත්ත වීදිය හරහා ජම්පටා වීදියට ගමන් කර ජම්පටා වීදීය ඔස්සේ වෙරළබඩ ශාන්ත අන්තෝනී දේවස්ථානය දක්වා ගමන් කිරීමට නියමිතව ඇත.
ඒ අනුව, එදින උදෑසන 07.00 සිට උදෑසන 11.45 දක්වා වරින්වර වෙරළබඩ පොලිස් වසමේ පහත මාර්ගයන් තාවකාලිකව වසා තැබීම සිදු කරන බව පොලීසිය දැනුම් දී තිබේ.
එබැවින් ඇති විය හැකි රථවාහන තදබදය අවම කර ගැනීම සඳහා හැකිතාක් පහත විකල්ප මාර්ග භාවිතා කරන ලෙස ද පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
අදාළ විකල්ප මාර්ග සහ වසාතබන මාර්ග පහතින් දැක්වේ.