මරණයෙන් කෙළවර වූ පුද්ගලික ආරවුල

මරණයෙන් කෙළවර වූ පුද්ගලික ආරවුල

April 8, 2025   10:06 am

පුද්ගලික ආරවුලක් මත සිදුකරන ලද පහරදීමකින් පුද්ගලයෙක් මියගොස් තිබේ.

ඊයේ (07) එම ඝාතනය සිදුකර ඇති බව පොලීසිය පවසයි.

මොරගොඩ පොලිස් වසමේ මානන්කට්ටිය ප්‍රදේශයේදී පුද්ගලයෙකු රිය අනතුරකින් තුවාල ලබා අනුරාධපුර රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇති බවට මොරගොඩ පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ලැබී තිබුණි.

ඒ අනුව සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ, පුද්ගලික ආරවුලක් මත සිදුකරන ලද පහරදීමක් මත මෙම ඝාතනය සිදුව ඇති බවය.

එලෙස මියගොස් ඇත්තේ, මානන්කට්ටිය, මෙගොඩවැව ප්‍රදේශයේ පදිංචිව සිටි 60 හැවිරිදි පුද්ගලයෙකි.

මරණකරු දානමය පිංකමකට සහභාගි වී නිවසට යමින් සිටියදී මරණකරුගේ මස්සිනා සහ ඔහුගේ බිරිඳ අතර ඇති වූ බහින් බස්වීමක් දුරදිග ගොස් ආරවුලක් ඇතිවීමෙන් එම මරණය සිදුව ඇති බවට සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී ඇත.

මෙම ඝාතනයට සම්බන්ධ වයස අවුරුදු 50 ක් වන සැකකරු හා වයස අවුරුදු 43 ක් වන සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත. 

සිද්ධිය සම්බන්ධයෙන් මොරගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.