ජීවිත බිලිගත් මාරක අනතුරු
March 26, 2025 07:32 am
දිවයිනේ ප්‍රදේශ කිහිපයකදී සිදුවූ රිය අනතුරුවලින් තරුණයෙක් ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබේ.
ඊයේ (25) එම අනතුරු වාර්තා වී තිබුණේ කටුපොත, අවිස්සාවේල්ල සහ ඇතිමලේ යන පොලිස් වසම්වලින්ය.
ඇතිමලේ, කොටියාගල 05 කණුව අතුරු මාර්ගයේ වත්තේගම ප්‍රදේශයේදී යතුරුපැදියක් පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් බෝක්කුවක ආරක්ෂක වැටෙහි ගැටී අනතුරක් සිදුව ඇත.
එම අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු ඇතිමලේ රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇත.
එලෙස මියගොස් ඇත්තේ, කොටියාගල ප්‍රදේශයේ පදිංචිව සිටි 18 හැවිරිදි තරුණයෙකි.
මේ අතර කටුපොත, පොතුහැර දම්පිටිය අතුරු මාර්ගයේ දම්පිටිය හන්දිය අසලදී යතුරුපැදියක් මාර්ගය හරහා ගමන්කළ පදිකයෙකුගේ ගැටී සිදුවූ අනතුරින් 79 හැවිරිදි පුද්ගලයෙක් මියගොස් තිබේ.
මේ අතර අවිස්සාවේල්ල පොලිස් වසමේ කොළඹ - හැටන් මාර්ගයේ තල්දූව ප්‍රදේශයේදී බස් රථයක් මාර්ගය හරහා ගමන්කළ පදිකයෙකුගේ ගැටී අනතුරක් සිදුව ඇත.
අනතුරින් තුවාල ලැබූ පදික පුද්ගලයා අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ, තල්දූව ප්‍රදේශයේ පදිංචිව සිටි 69 හැවිරිදි පුද්ගලයෙකි.